Monday, February 7, 2011

කලුපාට ආදරය

මං එයාට කිව්වේ සුදු කියලා. හැබැයි මං තාමත් හිතනවා කලු පාටට සුදු කියලා කියන්නේ කොහොමද කියලා.
ඒත් කට කහනවටයැ කියලා තියෙන්නේ මොනාද ඉස්සරහා ඇස් අන්ධ වෙනවා කියලා. මටත් වුනේ එහෙම වෙන්න ඇති.
මං ඒ දවස්වල කොච්චර වෙනස්වුනාද කිව්වොත් ඇන්දෙ කළු කමිස.කවදාවත් කළු පෑනක් අතින් නාල්ලපු මං ගත්තේ ඒවමයි.කළුපොල්මාළුව මගේ ආසම කෑම වෙද්දි "කළුම කළු කට්ට කළු" මගේ ආසම සින්දුව වුනා.
මේක හරිම අපූරු පෙරලියක් .
හැබැයි දැන් මගේ ආසම පාට සුදු .

2 comments:

  1. අපූරු කතාව. දිගටම ලියන්න. සුභපැතුම්.
    මැණික්

    ReplyDelete
  2. එක තමයි යාළු කියන්නේ. අපි සංකල්ප වල හිර වෙලා ඉන්නෙ. කලුවත් සුදුවත් කියල දෙයක් ලොකේ නැ. අපි අපි වටේට රාමු හදාගෙන ඒව එක්ක ජිවත් වෙනවා. ඇති දෙයක් නැ. අපි හැමෝම ‍රැවටිලා ඉන්නවා.

    ReplyDelete