Monday, February 7, 2011

කලුපාට ආදරය

මං එයාට කිව්වේ සුදු කියලා. හැබැයි මං තාමත් හිතනවා කලු පාටට සුදු කියලා කියන්නේ කොහොමද කියලා.
ඒත් කට කහනවටයැ කියලා තියෙන්නේ මොනාද ඉස්සරහා ඇස් අන්ධ වෙනවා කියලා. මටත් වුනේ එහෙම වෙන්න ඇති.
මං ඒ දවස්වල කොච්චර වෙනස්වුනාද කිව්වොත් ඇන්දෙ කළු කමිස.කවදාවත් කළු පෑනක් අතින් නාල්ලපු මං ගත්තේ ඒවමයි.කළුපොල්මාළුව මගේ ආසම කෑම වෙද්දි "කළුම කළු කට්ට කළු" මගේ ආසම සින්දුව වුනා.
මේක හරිම අපූරු පෙරලියක් .
හැබැයි දැන් මගේ ආසම පාට සුදු .

මලක සුවද බලලා කඩලා දාන්න එපා .!

මලක මෙලෙක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න එප යාලුවේ .
සිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාලුවේ.

රුවට රුවේ මල් පිපුනට තරග වැදී මල් නෙලුවට , මලට ආදරේ නැතිනම් මල මියයාවි.
ඒ මල පිපුනේ කාටදැයි කවුරුත් නොදනීවි.

ඒ ආදරයට ඉඩ දෙන්න.

ආදරෙයි කිව්වට මදි. ඒක පෙන්නන්න.ඒක රැක ගන්න. කවුරුහරි අරන් ගියා කියලා දැන ගත්තාම කෑ ගහලා අඩන්න එපා.